අපේ රටේ කාබනික පොහොර වෑයම ජනපති ලොවට කියයි

කෘත්‍රිම පොහොර භාවිතය අවම කොට සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ට දැනුම් දුන්නේ ය. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදීයි.

එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් මහතා විසින් කැඳවන ලද මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම යන තේමාවෙන් පැවති රාජ්‍ය නායක සංවාදයට ජනාධිපතිවරයා ද සහභාගි විය.

සංවාදය පැවැත්වුණේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, 2050 දී කාබන් අවම කිරීමේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම අරමුණ වන බවයි.

එමෙන්ම 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ වන වැස්ම ව්‍යාප්ත කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

”අපි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය ඉලක්ක කරගනිමින් කරගෙන ඉදිරියට ගෙන යනවා. එහි එක් පියවරක් වශයෙන් අනවශ්‍ය කෘත්‍රිම පොහොර භාවිතය සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කිරීම මගින් එතුළින් ඇතිවන විවිධ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යෙදීමට අපි බලාපොරොත්තු වනවා. මේ තුළින් 2050 දී කාබන් අවම කිරීමේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමයි අපේ බලාපොරොත්තුව. ඒවාගේම 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ වන වැස්ම ව්‍යාප්ත කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. ඒවාගේම මේ සියලු ඉලක්කයන් කරා යෑමට අවශ්‍ය තාක්ෂණික දැනුම් හුවමාරුව ආයෝජන සහ මූල්‍ය දායකත්වය අප අපේක්ෂාවෙන් සිටිනවා. සංවර්ධිත රටවල් අපගේ පෘථිවිය සුවපත් කිරීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතුයි. දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්වීපාර්ශවික සහයෝගය අවශ්‍යයි. එය නව හරිත වර්ධන අවස්ථා උදාකරන අතර එතුළින් අනාගත සශ්‍රීකත්වය තහවුරු වෙයි. ඒ නිසා අපට එය ක්‍රියාත්මක කිරීමට මේ තමයි කාලය”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40