කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහලේ 26 සහ 30 යන වාට්ටු දෙක වෙන්කර ඇති අතර මේ වනවිට එම වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකිය.
ඒ අතර ඔක්සිජන් අවශ්‍යතාව ඇති රෝගීන් ද සිටී.
මේ අතර පවතින තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (04) පස්වරුවේ රාගම ශික්ෂණ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ,
“අපි අද රෝහලේ අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කළේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන්න.”
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එක්වී සිටියහ.














