AFC Banner
Empty Ad
Empty Ad

අපේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා වගේම හෙළිදරව් නොවූ අපරාධ තිබෙනවා – අනුර කුමාර

දේශපාලන බල හුවමාරු වෙනුවෙන් සිදුනොවිය යුතුදේ රට තුළ සිදුවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් අපේ රට ඉතාමත් විනාශකාරී මුඛයකට ඇදගෙන ගිහින් තියෙනවා. බලය ලබාගැනීම වෙනුවෙනුත් අපේ රටේ සිදුනොවිය යුතුදේ සිදුවෙලා තියෙනවා. තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්, මීට පෙර ඔවුන්ම හඳුන්වාදෙනු ලැබූ මහමොළකරුවන් කිසිවෙක් හෙළිදරව් කරගන්න සමත්වෙලා නෑ. සමාජයේ අද විශාල සැකයක් නිර්මාණය වී තිබෙනවා. මෙය බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් ද කියන තරමට ඒ සැකය වර්ධනය වෙලා.”

“බොරැල්ලේ අත්බෝම්බයක් තැබීම පිළිබඳ සිදුවීම. පොලීසිය අත්අඩංගුවට ගන්නේ එම දේවස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කළ කෙනාව. හැබැයි ඔහු බෝම්බය දකින්නැති කෙනා. කාදිනල් හිමියන් CCTV බලලා කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට පොලීසිය ඒ තරම් බොළඳ ද? සාමාන්‍යයෙන් අපේ රටේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා. එහෙත් අපේ රටේ හෙළිදරව් නොවූ අපරාධ තිබෙනවා. මේ හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ. මේක සත්‍ය.”

“පොලීසිය හරි නම් සතියකට එහා පැත්තේ සිට CCTV දර්ශන පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි උදේ බලන්නේ නෑ. සැකයක් නැද්ද? අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරී ද? අපරාධකාරී ද?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?