අපේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා වගේම හෙළිදරව් නොවූ අපරාධ තිබෙනවා – අනුර කුමාර

දේශපාලන බල හුවමාරු වෙනුවෙන් සිදුනොවිය යුතුදේ රට තුළ සිදුවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් අපේ රට ඉතාමත් විනාශකාරී මුඛයකට ඇදගෙන ගිහින් තියෙනවා. බලය ලබාගැනීම වෙනුවෙනුත් අපේ රටේ සිදුනොවිය යුතුදේ සිදුවෙලා තියෙනවා. තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්, මීට පෙර ඔවුන්ම හඳුන්වාදෙනු ලැබූ මහමොළකරුවන් කිසිවෙක් හෙළිදරව් කරගන්න සමත්වෙලා නෑ. සමාජයේ අද විශාල සැකයක් නිර්මාණය වී තිබෙනවා. මෙය බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් ද කියන තරමට ඒ සැකය වර්ධනය වෙලා.”

“බොරැල්ලේ අත්බෝම්බයක් තැබීම පිළිබඳ සිදුවීම. පොලීසිය අත්අඩංගුවට ගන්නේ එම දේවස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කළ කෙනාව. හැබැයි ඔහු බෝම්බය දකින්නැති කෙනා. කාදිනල් හිමියන් CCTV බලලා කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට පොලීසිය ඒ තරම් බොළඳ ද? සාමාන්‍යයෙන් අපේ රටේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා. එහෙත් අපේ රටේ හෙළිදරව් නොවූ අපරාධ තිබෙනවා. මේ හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ. මේක සත්‍ය.”

“පොලීසිය හරි නම් සතියකට එහා පැත්තේ සිට CCTV දර්ශන පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි උදේ බලන්නේ නෑ. සැකයක් නැද්ද? අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරී ද? අපරාධකාරී ද?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34