අප්‍රිකානු සූකර උණට පැනවූ ගැසට්ටුව ලිහිල් කෙරේ (නිවේදනය)

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නව ගැසට් නිවේදනය නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

ක්ෂේත්‍රය තුළ පැවැත්මට සහ වර්තමානයට අනුව මෙම සතිය ගතවන විට සූකර උණ රෝගය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකින් අවම වී තිබෙනවා.

ආචාර්‍යය හේමාලි මහත්මිය සඳහන් කළේ; සත්ත්ව හා පශු සම්පත් කර්මාන්තය රැක ගැනීම පිණිස පෙර නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනයට ලක් කිරීමට පියවර ගැනුණු බවයි.

එම නව සංශෝධිත ගැසට් පත්‍රය නොවැම්බර් මස 04 වැනි දින සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි ආචාර්‍යවරිය පවසන්නේ.

පෙර ගැසට් පත්‍රය අනුව සතුන් ප්‍රවාහන නතර කළ ද; පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මගින් තම සතුන් ප්‍රවාහනය කිරීමට නව ගැසට්ටුවෙන් අවසර හිමිකර දී තිබෙනවා.

සතුන් මාංශ කිරීම කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වුණු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණක් බව ද එහි සඳහන්.

මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේ මින් වැඩිම සූකර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මියගොස් ඇති බවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ සංශෝධිත නව ගැසට් පත්‍රය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?