අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයින් පිරිසකගේ ග්‍රහණයට

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම සැකකරුව ගම්වාසී තරුණයින් පිරිසක් එක් ව අල්ලා නීතියේ රැහැනට හසුකර දුන් බවයි.

මෙම සැකකරු විසින් තණමල්විල – දාහත හමාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණයන් පිරිසක් මෙම සැකකරු අල්ලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

එලෙස අල්ලා ගත් සැකකරු තණමල්විල පොලිසියට භාර දී ඇති අතර පසුව පොලිසිය සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු දිවයිනේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදියක් ද තිබී සොයා ගැනුණා.

එහි ඉදිරිපස හා පිටුපස වර්ග දෙකක අංක තහඩු සවිකර තිබී ඇති බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුට මීනීමැරුම් චෝදනා දෙකක්, කොල්ලකෑම් චෝදනා 17ක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 38 හැවිරිදි වියෙහි පසුවන සැකකරු මැදමුලන ප්‍රදේශයේ වෙසෙන්නෙක් බවත් පොලිසිය පවසනවා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07