අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටාන සහ පයාගල ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීම්වලදීයි.

මෙහිදී ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හීනටියන මහේෂ් ගේ ප්‍රධාන වෙඩිකරුවා ලෙස සැලකෙන පුද්ගලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

ඒ කටාන දිවුලපිටිය මාර්ගයේ දිසාගේවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන හීනටියන මහේෂ් නැමැත්තාගේ සමීපතමයෙකු වන මෙම සැකකරු කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බූරු මූණා නැමති අපරාධකරුට මෙරටින් පළායාමට උදව් කිරීම සම්බන්ධයෙන් ද මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රත්මලාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කළ වෙඩිකරුවන්ට ඒ සඳහා උදව් උපකාර කළ පයාගල බිංදු නැමැත්තා ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය උතුරු පයාගල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

අදාළ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට පළා යාම සඳහා මෝටර් රථයක් ලබාදීම එම සැකකරුවන් පළා ගිය පසු මෝටර් රථය රැගෙන නැවත පැමිණීම ද මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තරංග මදුමාල් නොහොත් පයාගල තෝරා යන පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ ද මෙම පුද්ගලයා බවට අනාවරණ වී තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 5ක්, ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක් ද සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසියට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07