අපට ණය දුන් කිසිදු රටකට ආයතනයකට අසාධාරණයක් කරන්නේ නැහැ – මුදල් ඇමතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයින් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර සිටිනවා.

” අපිට ණය දීපු ඇතැම් සමාගම් අපිව සම්බන්ධ කරගත්තා අපි ඒගොල්ලො කොහෙ හිටියත් මුණගැහිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී ලංකාවට ණය දීපු සෑම සමාගමකටම සහ රාජ්‍යයකටම සලකන්නේ එක වගේ කිසි කෙනෙකුට අසාධාරණයක් කරන්නෙ නෑ.

අපේ සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍යයි.බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය හදිසි මුදල් අරමුදල් සපයා ගැනීමට හැකියාව අපිට ලැබෙනවා” මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

” ශ්‍රී ලංකාව මෙම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක මුදලක් හදිසි ආධාර ලෙස සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.අපි මේ වෙනකොට ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඵලදායී සාකච්ඡාවක් පවත්වා අවසන්. ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර නිලධාරීන් කිහිපදෙනෙක් සමග වගේම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ද සාකච්ඡා සිදු කළා. අපි බලාපොරොත්තු වෙනවා අනිත් රටවල සගයන් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

රුපියල පා වීමට හැරීම ආර්ථික අර්බුදයට බලපෑවා. ශ්‍රී ලංකාවට මුදල් ගෙන්න පුලුවන්ද කියලා චීන රජයේ උදව් වෙන් අපි චීන සමාගම් සමග සාකච්ඡා කරනවා එම සමාගම් වලට බැංකුද ඇතුළත්” මුදල් අමාත්‍ය අලි සබ්රි සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව මෙම වසරේදී ගෙවීමට ඇති බාහිර ණය අසන්න වශයෙන් ඩොලර් බිලියන 6 ක් වන අතර ඉතිහාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවීම අත් හිටවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුවක්කුවක් උස්සගෙන එළවලු ගන්න ආ මනුස්සයා..?
01:42
Video thumbnail
අපි කියන දේවල් මෙයාලට බිහිරි අලින්ට වීණා වයනවා වගේනේ..රැකියා විරහිත උපාධිධාරීන් සැරටම දෙසයි..
03:47
Video thumbnail
ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටී රියදුරුට ජීවිතය අහිමි වෙයි
00:52
Video thumbnail
ආණ්ඩුව 2/3 බලයෙන් උන්මාදවෙලා..සජබයෙන් සැර කතාවක්
08:16
Video thumbnail
මාදැල් ධීවරයින්ට රත්න ගමගේ උත්තර දෙයි..අනාගතයක් ගැන හිතලයි අපි මෙහෙම තීරණයක් ගත්තේ..
01:09
Video thumbnail
රත්න ගමගේ අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න
07:44
Video thumbnail
ධාතූන් වහන්සේලා වැඳ පුදාගන්න ශිරන්තිත් එයි
01:11
Video thumbnail
මේවා දැකලා අපේ ඇඟේ මාළු නටනවා මහත්තයෝ..ජනපති වෙනුවෙන් නඩුව ඉල්ලා අස් කරගන්නවා
03:39
Video thumbnail
බලෙන් උස්සන් ගිහින් කාවවත් හිරේ දාන්නේ නෑ
02:48
Video thumbnail
පොලිස් වෙ#ඩිල්ලෙන් 17 හැවිරිදි රියදුරුට ජීවිතය අහිමි වෙයි
01:26


?