AFC Banner
Empty Ad

AKD ඉන්දියාවේ නිල සංචාරයක

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ඇතුළු සිව්දෙනෙක් මෙම නිල සංචාරය සඳහා අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක සමඟ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන අය මෙම සංචාරය සදහා එක්ව සිටිනවා.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. 284 දරණ ගුවන් යානයෙන් අද (05) අලුයම 04.41ට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (05) උදෑසන 07.55 ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟා වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?