අනුරාධපුර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදෙයි..

අනුරාධපුර – ඇලයාපත්තුව – කුඩාමානිංගමුව කෑළෑබඳ ප්‍රදේශයකදී වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මිය යාමේ  සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහරදී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ මෙලෙස පහරකෑමට ලක්වූ අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් හතරදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පසුගිය සිකුරාදා පස්වරුවේ මෙම වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 62 හැවිරිදි ගොවියෙකු වන අතර, ප්‍රහාරයෙන් පසුව ඔහු අතුරුදන්ව සිටියා.

කෙසේ වෙතත්,  ඔහුව සෙවීමට වනජීවි නිලධාරීන් ප්‍රමාදවී පැමිණි බව පවසමිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?