spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරපුර රෝහලේ ගුටි කෙළිය ගැන රජයේ දොස්තරලා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ගනේගම මේ බව සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර ඇති බවයි ඊයේ (19) වාර්තා වුණේ.

අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්ව තිබුණා.

https://youtu.be/0mbXfZH1P1M
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
21
+1
8
+1
6
+1
9
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?