අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය අද (23) නියෝග කළා.
ඒ, ඔහු අද දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ.
එමෙන්ම සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවට නියෝග කළ අධිකරණය මෙම නඩුව ලබන 08 වන මස 04 වනදා යළි කැඳවීමටයි නියෝග කර සිටියේ.
ජනාධිපති පොදු සමාව යටතේ ලැයිස්තුවේ නොසිටි රඳවියක් නිදහස් කිරීමේ සම්බන්ධයෙන් චෝදනා ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මගින් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



