අනුරපුරයේ කොවිඩ් අවදානම

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ගත වූ කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතන් 2,500ක් පමණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පෙරේදා (27) පමණක් අනුරාධපුර, රඹෑව, පදවිය, කැකිරාව, කහටගස්දිගිලිය යන ප්‍රදේශවල සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් 118 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථාන වෙත ඇතුළත් කොට ඇත.

මේ අතර එම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ගුරු විදුහල්පති හා සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග එම විද්‍යාලවල පන්ති කිහිපයක් තාවකාලිකව වසාදමා ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. පසුගිය දින කිහිපයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ළමයින් 24 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යා ආර්.එස්.බී. බණ්ඩාර සඳහන් කර සිටියේ.

නොච්චියාගම අධ්‍යාපන කලාපයේ නොච්චියාගම බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා හා තුනවැනි ශ්‍රේණියේ සිසුවකුට කොවිඩ් ආසාදනයවී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගැනීමත් සමග එම පන්තිය තාවකාලිකව වසාදමා තිබේ.

මීට අමතරව කැකිරාව කැලෑව සුමන ප්‍රාථමික විද්‍යාලයේ සිසුවකුට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු එම පන්තිය තාවකාලිකව වසාදමා ආශ්‍රීතයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. පහළ හල්මිල්ලෑව විද්‍යාලයේ සිසුවකුටත් ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ගුරුවරුන් දෙදෙනකුට කොවිඩ් ආසාදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57