අනුරට පස්සේ නාමලුත් අයෝධ්‍යාවේ රාම් කෝවිල වදින්න යයි

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පවසනවා.

ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා බවයි පවසන්නේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) දෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යනබව ආරංචිමාර්ග වාර්තා කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්.

මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී, පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයින් හමුවීමට බලාපොරොත්තු වෙන බවත් ප්‍රකාශ කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?