අනුරටත් – සජිත්ටත් ශ්‍රීලනිප මහලේකම්ගෙන් සැර චෝදනාවක්

රට බංකොලොත් වූ අවස්ථාවේ දී රට භාරගත යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත්; එහෙත් තමන් එම අභියෝගය භාර ගතහොත් නියත වශයෙන් ම අසමත් යන වග ඔප්පු වන හෙයින් එම භාරදූර්‍යය වගකීම එදින ඔහු විසින් පැහැර හරිනු ලැබූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

අද (10) අනුරාධපුර – තඹුත්තේගම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ; කිසිදු පැකිළීමකින් තොරව රට ගොඩගැනීමේ වගකීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාරගනු ලැබූ බවයි.

එවන් වටපිටාවක ඉදිරි ජනාධිපතිවරණයේ දී රට ගොඩගත් නායකයාට රට භාරදෙනවා හැර; යුද්ධ කිරීමට නොහැකි උපාසකයෙකු හෝ අනුන්ගෙන් යැපෙන පිරිසකට රට භාරදීම අනුවණ ක්‍රියාවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස රට ආගාධයකට ඇද දමා දාල ගිය විටක දී රනිල් වික්‍රමසිංහ එය භාරගනිමින් යම් තාක් දුරකට ස්ථාවර කිරීමට වෙහෙස වුණු බවයි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ.

තමන් සහ අනුර කුමාර දිසානායක මහතා ද පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වර්ෂ 2000 දී වුව ද, තමන් ඔහුට වඩා වැඩි අමාත්‍යාංශ ගණනාවක කටයුතු කරමින් විවිධ ව්‍යාපෘති රටේ ජනතාව වෙනුවෙන් ඉටු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙහිදී පැවසුවා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ව්‍යාපාරයක් හෝ නොමැති අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතාට ඇත්තේ වසර එකහමාරක පමණක් වන කෘෂිකර්ම අමාත්‍ය ධුරයක අත්දැකීමක් පමණක් බවත්; අවම වශයෙන් ප්‍රාදේශීය සභා දේශපාලනයක හෝ අත්දැකීම් නොමැති අනුර හට රටක් බංකොලොත් වූ අවස්ථාවකට මුහුණදීම දැඩි අසීරු කාරණයක් බවයි දුමින්ද දිසානායක මහතා පෙන්වාදෙන්නේ.

ජවිපෙ කියන පරිදි ඔවුන්ගේ ඇඳුමේ, සපත්තුවේ සිට වෙනත් පාර්ශ්ව විසින් ලබාදෙනු ලැබූ ඒවා මිසෙක; ඔවුන්ගේ පවුල් පවා නඩත්තු කර ඇත්තේ ඔවුන් නොව තුන්වැනි පාර්ශ්වයක් වූ කල; රටක් නඩත්තු කිරීම විහිළුසහගත කරුණක් නොවන්නේ දැයි මන්ත්‍රීවරයා ජනතාව අමතමින් ප්‍රශ්න කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
24
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37