අනුරටත් – සජිත්ටත් ශ්‍රීලනිප මහලේකම්ගෙන් සැර චෝදනාවක්

රට බංකොලොත් වූ අවස්ථාවේ දී රට භාරගත යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත්; එහෙත් තමන් එම අභියෝගය භාර ගතහොත් නියත වශයෙන් ම අසමත් යන වග ඔප්පු වන හෙයින් එම භාරදූර්‍යය වගකීම එදින ඔහු විසින් පැහැර හරිනු ලැබූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

අද (10) අනුරාධපුර – තඹුත්තේගම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ; කිසිදු පැකිළීමකින් තොරව රට ගොඩගැනීමේ වගකීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාරගනු ලැබූ බවයි.

එවන් වටපිටාවක ඉදිරි ජනාධිපතිවරණයේ දී රට ගොඩගත් නායකයාට රට භාරදෙනවා හැර; යුද්ධ කිරීමට නොහැකි උපාසකයෙකු හෝ අනුන්ගෙන් යැපෙන පිරිසකට රට භාරදීම අනුවණ ක්‍රියාවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස රට ආගාධයකට ඇද දමා දාල ගිය විටක දී රනිල් වික්‍රමසිංහ එය භාරගනිමින් යම් තාක් දුරකට ස්ථාවර කිරීමට වෙහෙස වුණු බවයි දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ.

තමන් සහ අනුර කුමාර දිසානායක මහතා ද පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වර්ෂ 2000 දී වුව ද, තමන් ඔහුට වඩා වැඩි අමාත්‍යාංශ ගණනාවක කටයුතු කරමින් විවිධ ව්‍යාපෘති රටේ ජනතාව වෙනුවෙන් ඉටු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙහිදී පැවසුවා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ව්‍යාපාරයක් හෝ නොමැති අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතාට ඇත්තේ වසර එකහමාරක පමණක් වන කෘෂිකර්ම අමාත්‍ය ධුරයක අත්දැකීමක් පමණක් බවත්; අවම වශයෙන් ප්‍රාදේශීය සභා දේශපාලනයක හෝ අත්දැකීම් නොමැති අනුර හට රටක් බංකොලොත් වූ අවස්ථාවකට මුහුණදීම දැඩි අසීරු කාරණයක් බවයි දුමින්ද දිසානායක මහතා පෙන්වාදෙන්නේ.

ජවිපෙ කියන පරිදි ඔවුන්ගේ ඇඳුමේ, සපත්තුවේ සිට වෙනත් පාර්ශ්ව විසින් ලබාදෙනු ලැබූ ඒවා මිසෙක; ඔවුන්ගේ පවුල් පවා නඩත්තු කර ඇත්තේ ඔවුන් නොව තුන්වැනි පාර්ශ්වයක් වූ කල; රටක් නඩත්තු කිරීම විහිළුසහගත කරුණක් නොවන්නේ දැයි මන්ත්‍රීවරයා ජනතාව අමතමින් ප්‍රශ්න කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
24
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?