AFC Banner
Empty Ad
Empty Ad

අනුප්‍රාප්තික ජනපති තෝරන ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත් ද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට සඳහාවන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (19) සිදු කිරීමට නියමිතයි.

ඒ, සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 10.00ට රැස් වීමට නියමිත බවයි වාර්තා වුණේ.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා මේ වනවිට සිව්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම එම සටනට එක්ව සිටින අපේක්ෂකයින්.

මෙරට ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පළමුවරට සිදුවන්නේ 1993 වසරේදී වන අතර, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු එවක වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග ජනාධිපතිධුරය සඳහා ඒකමතිකව පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් හෙට (20) දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් බවට පත්වනු ඇති.

ඒ අනුව ජනාධිපති ධුරයට ඉදිරිපත්වන මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා අද (19) දිනයේ දී පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන අතර එය සිදුවන්නේ අදාල දේශපාලන පක්ෂ විසින් සිය අපේක්ෂකයින් යෝජනා කිරීමෙන් වන අතර එය තවත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කළ යුතු වනවා.

මෙම යෝජනා කරන අවස්ථාවේ දී අදාල අපේක්ෂකයා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටීම ද අනිවාර්යයි.

එසේ නො වුණ හොත් එම නාම යෝජනාව ප්‍රතික්ෂේපවීමක් සිදුවන අතර, යෝජනා වන මන්ත්‍රීවරයා තමන් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට කැමැත්ත පළකරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දිය යුතු වනවා.

ඒ අනුව කථානායකවරයාට හැර ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අපේක්ෂකයෙකු ලෙස ම සඳහා ඉදිරිපත් විය හැකියි.

අපේක්ෂකයින් සඳහා වන ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු ප්‍රධානියා වන කථානායකවරයාට ද ඉදිරිපත්වී සිටින ඕනෑම අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?