Empty Ad
AFC Banner
Empty Ad

අනියම් පෙම්වතිය දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ කියලා 20 හැවිරිදි විවාහකයා සියදිවි නසාගෙන

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ හේරත් නමැති අයෙක්.

මෙයට මාස කිහිපයකට පෙර ඉහත ආයතනයේ සේවයට පැමිණ තිබියදී මෙම පෙම්වතිය සමග ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය විදේශගතවී තිබෙන අතර ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මියගිය අය බලවත් සිත්තැව්ලට පත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහරගම පොලිසිය කියයි.

මියගිය අය රැකියාවට පහසුවනු පිණිස ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටියදී එම නිවස තුළදී මෙසේ ගෙල වැලලාගෙන ඇතැයි පවසන පොලිසිය මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?