දිනය ඉකුත් 30 වැනිදාය. දහවල කෙමෙන් රාති‍්‍රය බවට පත්වෙමින් පැවති මොහොතක්ය. සීගිරිය ගුවන් හමුදා කඳවුරට ආසන්න ස්ථානයක පිහිටි නිවසක් අසලට පැමිණෙන එක්තරා පුද්ගලයෙක්ය. ඔහුගේ හැසිරීම් රටාව තරමක් වෙනස්ය. ආවේගශීලී ලෙස හැසිරෙමින් කටයුතු කරන්නට වූ ඔහු තුළින් දිස්වී ඇත්තේ කළහකාරී හැසිරීම් රටාවක්ය.
තිදරු පියකු වන ඔහු එලෙස හදිසියේ සීගිරිය ප‍්‍රදේශයට පැමිණෙන්නේ සීගිරිය නැරඹීම පිණිස නොව වෙනත් කරුණක් මුල්කර ගනිමින්ය. දුරදිග ගිය අනියම් ඇසුරක පහස සොයා සීගිරිය ප‍්‍රදේශයට පැමිණෙන ඔහුගේ ජීවිතය ඊට ටික වේලාවකට පසුව විනාශයට පත්වන්නේය. එම විනාශය සිදුකරන්නේ ඔහුගේ අනියම් පෙම්වතිය විසින්ය. තියුණු ආයුධයකින් පහරදී එම පුද්ගලයාව ඝාතනය කරනු ලබන එම සැකකාරිය ඉන් අනතුරුව තම නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා සමග ගොස් සීගිරිය පොලිසියට භාරවිය. දෙදරු මවක් වන ඇයගේ් ලෝකය කලක් ඇයගේ දරුවන් දෙදෙනාටත් ස්වාමි පුරුෂයාටත් පමණක් සීමාවී ඇත. මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිව සිටිමින් එලෙස කාලය ගතකරන සුරංජිගේ ජීවිතයට පිටස්තරයකුගේ පැමිණීම සිදුවන්නේ ඔය අතරතුරය. තම ස්වාමි පුරුෂයා රැකියාව පිණිස නිවසින් බැහැරව සිටින අවස්ථාවේදී එලෙස හඳුනා ගන්නා පිටස්තර පුද්ගලයා හා සුරංජි අතර අනියම් පෙමක් දලූලන්නට ගන්නා අතර එය රහසක් සේ පවතින්නේ ඉතාමත් කෙටි කලක් පමණය. තම බිරිඳ වෙනත් පුද්ගලයෙක් සමග හොර රහසේ පෙම් සුව විඳින බව දැනගන්නා සුරංජිගේ නීත්‍යානුකූල පුරුෂයා එය නතර කරන ලෙස කීප වරක් ඇයගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා ඇයගෙන් යහපත් ප‍්‍රතිචාර හිමිවී නැත. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ද නිතර අඬදබර ඇතිවන්නට ගන්නා අතර අවසානයේදී ඇගේ සැමියා විසින් ඉල්ලා සිටින්නේ දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතා හෝ එම සම්බන්ධය නතර කරන ලෙසය. ඒ වන විට සුරංජි හා අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයා පිළිබඳවත් ඔහුගේ පවුල් සාමාජිකයන්ගේ තොරතුරු ආදිය ගැනත් සුරංජිගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් සියලූ තොරතුරු හෙළි කරගෙන තිබුණි.
ඒ අනුව ඔහු ද මැල්සිරිපුර ප‍්‍රදේශයේම පදිංචිකරුවකු බවත් දරුවන් තිදෙනකුගේ තාත්තා කෙනකු වන ඔහු තම දරුවන් හා බිරිඳගෙන් වෙන්ව වෙනම ජීවත් වන අයකු බවත් එම තොරතුරු ආදියෙන් සනාථව පැවතුනි. ඒ අනුව විවිධ හැලහැප්පීම් මැද පවුල් ජීවිතය පවත්වාගෙන ගොස් ඇති ඔහු සුරංජි සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් එය දිගින් දිගටම පවත්වාගෙන යෑමත් හේතුවෙන් ගුවන් සෙබළාගේ එකම අරමුණ බවට පත්ව ඇත්තේ කෙසේ හෝ මෙම සම්බන්ධතාවය නිමා කොට තම බිරිඳ තවදුරටත් තමන් හා එක්ව ජීවත්වනු දැකීමය. ඒ අනුව මීට ටික කලකට එපිට තම පදිංචිය වෙනස් කරන ගුවන් හමුදා සෙබළා තම බිරිඳ හා දරුවන් දෙදෙනා සමග දඹුල්ල ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයක් පදිංචිය පිණිස තෝරා ගන්නේය. එතෙක් පැවති කරදරය දැන්වත් නිමාවනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් ඔහු විසින් එම තීරණය ගෙන ඇත. එහෙත් එහිදී ද සිදුවන්නේ ඔහු කිසිසේත් අපේක්‍ෂා නොකළ සිදුවීමක් ය. තම අනියම් පෙම්වතිය දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටින බව දැනගත් එම පුද්ගලයා ඇය සොයා දඹුල්ල ප‍්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් සුරංජිට පවසා ඇත්තේ ඇය නැතුව ඔහුට ජීවත්වීමට නොහැකි බවත් තමන් සමග නැවත මැල්සිරිපුර ප‍්‍රදේශයට පැමිණෙන ලෙසත් ය. ඒ වනවිට සුරංජිගේ සිතේ ඔහු පිළිබඳ උපන් අනියම් පෙම කෙමෙන් කෙමෙන් පහව යමින් තිබී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස දිනක් සුරංජි සිය නීත්‍යානුකූල සැමියා අමතමින් සඳහන් කර ඇත්තේ එම අනියම් පෙම හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවට පත්ව ඇති බවත් පදිංචිය වෙනස් කිරීම ඒ සඳහා සුදුසු විසඳුමක් නොවූ බවත්ය. ඒ අනුව ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා නැවත වතාවක් පදිංචිය වෙනස්කොට තම සේවා ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක් පදිංචිය පිණිස තෝරාගෙන ඇත. එම නිවස පිහිටා ඇත්තේ සීගිරිය ප‍්‍රදේශයේය.
ඉකුත් දිනක එම නිවස සොයා පැමිණෙන සුරංජිගේ අනියම් පෙම්වතා එහිදී ද දිගින් දිගටම ඇයට බලපෑම් කර ඇත්තේ තමන් සමග පැමිණෙන ලෙසය. එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්‍ෂේප කරන සුරංජි එහිදී ඔහුට බැණ තර්ජනය කරන අතර එතෙක් කලක් පැවති අනියම් පෙම වෛරයක් බවට පත්වන්නේ එම බැණවැදීම් අතරතුරය. ක‍්‍රමයෙන් එය පහර දීමක් දක්වා දුරදිග යන අතර එහිදී යක්ෂණියක් සේ කෝපයට පත්වන සුරංජි තියුණු ආයුධයකින් සිය අනියම් සැමියාට පහර පිට පහර එල්ල කොට ඇත. දෑත්වල තැවරුණු ලේ පැල්ලම් සමග අඹුසැමි යුවළක් වක් පිහියක්ද රැගෙන සීගිරියට පැමිණෙන්නේය. ‘‘සර් අද ඌ ඉවරකළා” හැමදාම කරදරය ඉවසන්න බැහැ. පදිංචිය වෙනස් කරලා සීගිරිය නව නගරයට ආවේ කරදරෙන් බේරිලා ජීවත්වෙන්න බලාගෙන. ඊයේ රෑ ඉඳන් මට කරදර කරනවා.” ඒ කාන්තාවගේ හඬයි.
කාන්තාවගේ හඬට අනුම්කන් දුන් පොලිස් ස්ථානාධිපති උපාලි කොබ්බෑකඩුව මහතා තවත් පොලිස් නිලධාරීන් පිරිස හා අඹු සැමි යුවළද සමග සීගිරිය නව නගරයේ සිද්ධිය වූ ස්ථානයට ඔවුහු පැමිණියහ. සීගිරිය – තල්කොටේ මාර්ගයට යාබදව මාර්ග රක්ෂිත කොටසේ හැඩිදැඩි පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගත්හ.
මියගිය පුද්ගලයා මැල්සිරිපුර, නෑබඩ පදිංචි 36 හැවිරිදි අනුෂ උදය කුමාර බවට පොලිසිය හඳුනාගනියි. ඔහුට දරුවන් තිදෙනකු සිටියි. මියගිය පුද්ගලයා දරුවන් හා බිරිඳ අතහැර වෙනම නිවෙසක ජීවත්ව සිට ඇත. ඔහුට ස්ථිර රැකියාවක් නොමැත. ඔහුගේ දෛනික වියදම් සොයා ගැනීමට විවිධ රැකියාවන් කළ බව පැවසේ. මැල්සිරිපුර, නෑබඩ පදිංචි රාජපක්ෂ පතිරන්නැහැලාගේ සාලිය 40 හැවිරිදිය. ඔහුගේ බිරිඳ සුභසිංහ ආරච්චිලාගේ සුරංජි 39 හැවිරිදිය. ඔවුන් දෙදෙනාට පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනකි. සාලිය ගුවන් හමුදා සෙබළෙකි. ඔහු සේවය කරන්නේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේය.
තමා කලක් ආදරය කළ පසුව ඒ ආදරය කළ උදය කුමාර තමාටම කරදරයක් වූ සැණින් හිතට එඩිය ගෙන උදයගේ ප‍්‍රාණය නිරුද්ධ කරන්න ගතවූයේ නිමේෂයකි.
සෙබළ සාලියත් සුරංජි යන දෙදෙනාම පොලිසියට බාරවන්නේ එම සිදුවීමෙන් පසුවය. පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන් දෙදෙනා දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ නියෝගය මත දඹුල්ල රෝහලේදී පැවැත්විණි. පී. සී. ආර්. පරීක්ෂයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට භාර කෙරිණි. සීගිරිය පොලිස් ස්ථානාධිපති උපාලි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරයි. සුරංජිගේ නිවස ආසන්නයේ වෙනත් ස්ථානයකදී මෙම පහරදීම සිදුකොට ඇති අතර ඉන් අනතුරුව සිය නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ද සමග ඇය ගමන් කරනු ලබන්නේ සීගිරිය පොලිස් ස්ථානය වෙතය. එහිදී පොලිසිය හමුවේ ඇය විසින් සඳහන් කර ඇත්තේ තම අනියම් පෙම්වතා විසින් දිගින් දිගටම සිදුකරන බලපෑම් හමුවේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදු කළ බවය.
අනියම් පෙමට මන්නෙන් කොටයි.. ස්වාමි පුරුෂයා සමග පොලිසියට එයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
45
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip