බඩල්කුඹුර පොලිස් වසමේ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පසුගියදා තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳගේ අනියම් පුරුෂයා බවයි පොලිසිය සඳහන් කළේ.
මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 44ක අයෙක් බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක්වූ පුඅද්ගලයාගේ බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
ඝාතනය සඳහා සැකකරු යොදාගත් පිහිය ද සඟවා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය පැවසුවේ.
බඩල්කුඹුර පොලිසිය සහ මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.















