අනියම් ඇසුරක සැකයක් නිසා සැමියා බිරිඳව පරලොව යවලා

අනියම් සම්බන්ධයක් පිළිබඳව ඇති වූ සැකයක් මත සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

දිල්ලි නුවර බුරාරි ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක්.

පසුගිය සිකුරාදා අලුයම් කාලයේ කාන්තාවක් ලේ විලක් මැද වැටී සිටින බවට දිල්ලි පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලබා සිටි එම කාන්තාව රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර, මෙම සිද්ධියට ඇයගේ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සිදුකළ පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ සැකකාර සැමියා විසින් බිරිඳට වෙනත් අයෙකු සමඟ සම්බන්ධ පවතින බවට චෝදනා කරමින් ඇයව ඝාතනය කර ඇති බවයි.

උදැල්ලකින් ඇයගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදුවන අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණයි.

සැකකාර සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත්තේ තම බිරිඳ දීර්ඝ කාලයක සිට දිගින් දිගටම තමා නොසලකා හැර ඇති බවයි.

ඇය වෙනත් අයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට ඇති වූ සැකය මත තමන් මෙම අපරාධය සිදුකළ බවයි සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56