spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනියම් ඇසුරක සැකයක් නිසා සැමියා බිරිඳව පරලොව යවලා

අනියම් සම්බන්ධයක් පිළිබඳව ඇති වූ සැකයක් මත සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

දිල්ලි නුවර බුරාරි ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවක්.

පසුගිය සිකුරාදා අලුයම් කාලයේ කාන්තාවක් ලේ විලක් මැද වැටී සිටින බවට දිල්ලි පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලබා සිටි එම කාන්තාව රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර, මෙම සිද්ධියට ඇයගේ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සිදුකළ පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ සැකකාර සැමියා විසින් බිරිඳට වෙනත් අයෙකු සමඟ සම්බන්ධ පවතින බවට චෝදනා කරමින් ඇයව ඝාතනය කර ඇති බවයි.

උදැල්ලකින් ඇයගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදුවන අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණයි.

සැකකාර සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත්තේ තම බිරිඳ දීර්ඝ කාලයක සිට දිගින් දිගටම තමා නොසලකා හැර ඇති බවයි.

ඇය වෙනත් අයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට ඇති වූ සැකය මත තමන් මෙම අපරාධය සිදුකළ බවයි සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?