අනියම් ඇසුරකට පොළඹවාගෙන විවාහක පෙම්වතාගේ ගෙට විසිහයේ තරුණිය සුද්දයක් දීලා (වීඩියෝ)

පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.

පානදුර, පින්වත්ත, මැදවේල්ල පාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පරිපාලන නිලධාරියෙක් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වුණේ.

අදාළ නිලධාරියා විසින් කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක දී සැකකාර තරුණිය හදුනාගෙන තිබෙනවා.

පසුව ඇය සමඟ කලක සිට ඇසුරක් පවත්වමින් ඇයව විවාහ කරගැනීමට තීරණය කර, සිය රූමත් බිරිඳව ද මෙම නිලධාරියා විසින් අත්හැර දමා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ තරුණිය මෙම නිලධාරියාගේ නිවසට නිතර නිතර යෑමට හුරු වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර තරුණිය අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව ඇති තැනැත්තියක් බවයි අනාවරණය කරගෙන ඇති අතර, ඇය තවත් තරුණයෙකු සමඟ සිය විවාහක පෙම්වතා වූ පරිපාලන නිලධාරියාගේ නිවසට පිටුපස ජනේලයකින් ඇතුල් වී එහි තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් විසින් නවීන ලැප්ටොප් යන්ත්‍රයක්, අගල් 55 රූපවාහිනී යන්ත්‍රයක්, වටිනා අත් ඔරලෝසු ,විදුලි ස්ත්‍රීක්කයක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

එලෙස සොරාගත් භාණ්ඩ ඉතා අඩු මුදලකට සැකකාරිය විසින් අලෙවිකර තිබිය දී පින්වත්ත පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ තිබූ භාණ්ඩ සොරකම් කිරීම සඳහා සැකකාරිය තවත් පුද්ගලයකු සමඟ මාර්ගයේ ගමන් කරන අයුරු සහ සොරකම් කරන ලද භාණ්ඩ ත්‍රිරෝද රථයක පටවා ගෙන යන අයුරු අසළ පිහිටි ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එම සාක්ෂි අනුවයි සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
16
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අපේ රටේ පණ්ඩිතයෝ ඉන්නවා ඒදණ්ඩ දැක්ක ගමන් දණිස් දෙක පිං පොන් ගානවා..අඹරන මැෂින් 5න් 2ක් කොට උඩ
06:02
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31