අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ළමයෙකු මියයයි

ඊයේ රාත්‍රීයේ (14) කහටගස්දිගිලිය නෙකුටුවැව ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිදකට ළමයෙකු වැටිමෙන් මියගොස්‌ ඇති බවට කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16 ක්‌ වූ නෙකුටුවැව, කහටගස්‌ දිගිලිය ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්

මෙම දරුවා තවත්‌ ළමුන්‌ පිරිසක්‌ සමහ නිවස ආසන්නයේ අවුරුදු ක්‍රීඩා කරමින්‌ සිටියදී ප්‍රදේශයේ නිවසක්‌ ආසන්නයේ අනාරක්ෂිතව තිබූ ජලය පිරී ළිඳකට වැටී මියගොස්‌ ඇති බව සිදුකල චිමර්ශනයේදී අනාවරණය වි තිබෙනවා.

මෘතදේහය කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇති අතර සිද්ධිය සම්බන්ධව කහටගස්දිගිලිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !