අන්ධ පුද්ගලයෙකුට නිදා සිටියදී කළ නොහිබිනා වැඩක්

වවුනියාවේ රාසේන්ද්‍රකුලම් ප‍්‍රදේශයේ ඇස් නොපෙනෙන වැසියකුට අයත් නිවසකට කිසියම් පිරිසක් විසින් පසුගිය 26 වැනිදා ගිනි තබා ඇතැයි වවුනියාව නෙලූකුලම් පොලිසිය පවසනවා.

මොහු නිවසේ නිදා සිටියදී නිවසේ දොර අගුලූ දමා නිවසට ගිනි තැබීම නිසා නිවසේ අයිතිකරු ද ගින්නට හසුවී සුළු තුවාල ලබා තිබෙනවා. ගින්නෙන් දැවෙන විට ඔහු කෑ කෝ ගැසීම නිසා අවට අසල්වැසියන් පැමිණ ඔහු නිවසින් එළියට ගෙන තිබෙනවා.

මෙම ඉඩම අත්පත් කර ගැනීමට උත්සාහ කරන පිරිසක් මෙම ගිනි තැබීමට සම්බන්ධ බවට පොලිසිය සැක පල කරනවා.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව නෙලූකුලම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?