AFC Banner
AFC Banner
Empty Ad

අන්ධභාවයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලාපොරොත්තුවක්

තාක්ෂණික දියුණුවේ වේගවත් බව සමඟ සෑම ගැටලුවකටම පාහේ විසඳුම් සොයාගැනීමට ලෝකය පෙළඹී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම බයෝනික් ඇස සංවර්ධනය කිරීමත් සමඟ අන්ධභාවයට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පියවරක් තබන්නට මේ වනවිට සමත්ව අවසන්.

‘Gennaris Bionic Vision System’ ලෙස හඳුන්වන මෙම නවෝත්පාදනය අන්ධභාවයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලාපොරොත්තුවක් එක්කරන නව නිෂ්පාදනයක්.

එය පෙනීම නැති වූ පුද්ගලයින්ට නැවත පෙනීම ලබාදීම සඳහා නිර්මාණය කර ඇති; අති නවීන තාක්‍ෂණික උපකරණයක් වන අතර, එය ප්‍රතිකාර කළ නොහැකි අන්ධභාවයට ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සූදානමින් සිටිනවා.

දශකයකට ආසන්න පර්යේෂණ හා සංවර්ධනවල ප්‍රතිඵලයක් වන මෙම බයෝනික් ඇස සාමාන්‍යයෙන් ඇස්වල සිට මොළයට දෘශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරන හානියට පත් දෘශ්‍ය ස්නායු මඟ හැරීමෙන් ක්‍රියා කරනවා.

ඒ, වෙනුවට, එය මොළයේ දෘශ්‍ය මධ්‍යස්ථානයට කෙලින්ම සංඥා යවන අතර, පරිශීලකයින්ට රූප වටහා ගැනීමට ඉඩ සලස්වනවා.

සත්ත්ව අධ්‍යයනයන්හි ප්‍රතිපල ලබාගැනීමෙන් පසුව, බයෝනික් ඇස දැන් මෙල්බර්න් හි සිය පළමු මානව සායනික අත්හදා බැලීම් සඳහා සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැටළුවන් යොදාගෙන සිදුකළ අත්හදා බැලීම්වලදී, තාක්ෂණය අවම ඍණාත්මක බලපෑම් සහිතව මොළයට සාර්ථකව බද්ධ කරන තිබෙනවා.

වැඩි දියුණු කරන ලද මෙම තාක්‍ෂණයේ හරය මොළයට රටා සහිත විද්‍යුත් උත්තේජනයක් ලබා දෙන රැහැන් රහිත බද්ධ කිරීමක් බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

මොළයේ මතුපිට තැන්පත් කරන කුඩා විද්‍යුත් ස්පන්දන සමඟ මොළයේ සෛල උත්තේජනය කිරීම සඳහා රැහැන් රහිතව වැඩසටහන්ගත කිරීමේ හැකියාව මෙයට පවතින අතර, එය දෘශ්‍ය බාහිකයේ ස්ථානගත වූ විට, සංචලනය සහ වස්තු හඳුනාගැනීම වැනි කාර්යයන් සඳහා මූලික හැඩතල සහ දළ සටහන් අවබෝධ කර ගැනීමට ග්‍රාහකයින්ට ඉඩ සලසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?