අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මංගල මද්දුමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දකුණ පොලිස් කොට්ඨාශය විසින් ඔහු අද (08) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය මැයි 19 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී විරෝධතා පාගමනකට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගයක් භාරදීමට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම, බලහත්කාරය පෑම සහ අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා යටතේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?