පාකිස්තානයේ මිලියනයකට අධික පිරිසක් උග්‍ර ආහාර හිඟයක

පසුගිය දෙසැම්බර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ පාකිස්තානයේ මිලියන 1.25 ක් පමණ ජනතාවක් ‘හදිසි’ මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවනවා.

ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) වාර්තාව හෙළි කරන්නේ හදිසි ආහාර අනාරක්ෂිත මට්ටම්වල සිටින මිලියනයකට අධික ජනතාවකට “ව්‍යසනයක්” වැළැක්වීම සඳහා ක්ෂණික ජීවිතාරක්ෂක සහාය අවශ්‍ය බවයි.

2025 මෝසම් ගංවතුර බලපෑම්, නියඟය සහ ප්‍රාදේශීය අනාරක්ෂිතභාවය කෘෂිකර්මාන්තය සහ පශු පාලන ජීවනෝපායන් දුර්වල කර ඇති අතර නිෂ්පාදනය අඩු වී තිබෙනවා.

පකිස්ථානයේ අවදානමට ලක්විය හැකි කලාප 45ක් සහ මුළු ජනගහනයෙන් සියයට 15ක් පමණ ආවරණය වන IPC විශ්ලේෂණයේදී, බලුකිස්තාන් පළාත ඉහළම බලපෑමට ලක්ව ඇත්තේ ජනගහනයෙන් සියයට 25ක් අවම වශයෙන් ඉහළ ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙමින්.

අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ඉදිරි කාලය සඳහා, වාර්තාව මිලියන 6.7ක් හෝ ඊට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බව පුරෝකථනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57