අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කතුන් රවටලා – ජෝඩුවක් අත්අඩංගුවට

අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සිදුකළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

මෙලෙස ලැබුණු එක් පැමිණිල්ලක අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් එක්දහස් නවසිය හැටහතක මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා කාන්තාවක් රවටා වංචා කරන ලද මුදල් රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් එක්දහස් නවසිය හැට හතක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් දෙලක්ෂ තිස්තුන්දහස් පන්සිය විසි දෙකක මුදලක් වංචනිකව බැරකර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවටයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඊයේ (12) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් සහ වයස අවුරුදු 36ක පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14