අන්තර්ජාලයේ අලෙවි වූ දැරියව මිලට ගත්තා යැයි කී ජවිපෙ ප්‍රබලයා පිළිතුරු දෙයි

මෙරට තුළ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති අන්තර්ජාලය හරහා අලෙවි වූ අවුරුදු 15ක දැරියගේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සමය පුරාවට මෙම සිදුවීමට සම්බන්ධ විශාල පිරිසක් කොටුකර ගැනීමටද ශ්‍රී ලංකා පොලීසිය සමත් වූ අතර එම පිරිස අතර වෛද්‍යවරුන්, චීවරධාරීන්, දේශපානඥයින් ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ද සිටිනවා.

මේ අතර මෙම දැරියව මිලට ගත්තා යැයි සඳහන් වන පිරිසකගේ නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර එම නම් ලැයිස්තුවේ මෙරට ඉහළ පෙළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දේශපාලනඥයින්ගේ ද නම් සඳහන් ව තිබුණා.

ඒ සඳහන්ව තිබූ නම් අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද නම ඇතුළත්ව තිබුණා. ඔහු විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳව කරුණු දැක්වීමක් සිය ෆේස්බුක් ගිනුම හරහා කර තිබුණා.

එම ෆේස්බුක් සටහන පහතින්,

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සමාජය තැතිගන්වන පුවත පසුගිය දින කිහිපය පුරාම දක්නට ලැබුණි.එම අපයෝජනයට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් පිළිබඳ වාර්තා විසින් සමාජයක් ලෙස අප වැටෙමින් පවතින අගාධයේ ගැඹුර පිළිබඳ යම් අදහසක් ලබා ගත හැක.වර්තමානයේ උත්කර්ෂයට නංවන සාරධර්ම,සංස්කෘතික පදනම් පිළිබඳ වචනාර්ථයෙන් එහාට ගිය ගැඹුරු විමසුමකට අප යා යුතු බව එම සිදුවීම් විසින් අපට මතක් කර තිබේ. එම ළමා අපහරනය ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් මුළුමනින්ම හෙලා දැකිය යුතු එකක් බව අවිවාදිතය. කවරෙක් හෝ එම අපහරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය ම බරපතළ සමාජ අපරාධයකි.දැරිය අපහරණයට සෘජුව හෝ වක්‍රව සහභාගී වූවන්ට උපරිම දඩුවම් ලබා දිය යුත්තේ සමාජයට පාඩමක් කියා දීම උදෙසා ය.

අද(13) උදෑසන සිට මෙම ළමා අපයෝජනයට නොදෙවෙනි අපහරණයක් සමාජ මාධ්‍ය තුළ දියත් විය.ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග වලට එරෙහිව මත දක්වන පිරිසක් මෙම ළමා අපයෝජනයට සම්බන්ධ යැයි කියවෙන ව්‍යාජ පුවතක් නිර්මාණය කර සමාජ මාධ්‍යයට එක් කර තිබුණි.බැලූ බැල්මටම එම ලැයිස්තුව සකස් කළේ කවුරුන්ද යන්න දේශපාලනය පිළිබඳ අබ මල් රේණුවක වැටහීමක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකිය. එසේම එම වෙබ් අඩවිය සහ එම පුවත share කළ අයගේ අතීත සහ වර්තමාන භාවිතාව දෙස බැලූ විට ඔවුන් සේවය කරන්නේ කාටදැයි හොඳහැටි පැහැදිලිය.

සමාජ මාධ්‍ය තුළ අපට විටින් විට මඩ ගසා ඇත.අපට එරෙහිව බොරු පුවත් නිර්මාණය කර ඇත.නමුත් ඒ සියල්ලටම වඩා අද උදෑසන ප්‍රචාරය කළ මෙම ව්‍යාජ පුවත විසින් පුද්ගලිකව අපට නොව මුළු මහත් සමාජයටම දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.මෙම ව්‍යාජ පුවත නිර්මාණය කළ අයගේ එක් අභිලාෂයක් වී ඇත්තේ සිදු වූ බරපතළ ළමා අපයෝජනය විහිළුවකට ගෙන එය සාමාන්‍ය සිදුවීමක් බවට යට කර දැමීමයි. සමාජයක් කම්පා කරවන මෙවන් බරපතල සිදුවීමටද යම් දේශපාලනික හැඩයක් ආරෝපනය කර දිය කර හැරීමයි. ඔවුන්ගේ අනෙක් අරමුණ වී ඇත්තේ මෙම ළමා අපයෝජනයේ සැබෑ වරදකරුවන් -සමහරවිට සිය හිත මිතුරන්, නැතහොත් තමන්ට මුදල් සපයන අය- ආරක්ෂා කිරීමයි. මෙවැනි සිදුවීමකට සම්බන්ධවීමට සිහිනෙන්වත් නොසිතන හෝ මෙවැනි සිදුවීම් සහිත සමාජයක් මුළුමනින් වෙනස් කිරීම සඳහා කැපවන පුද්ගලයන් අතරේ තම වරදකාරී මිතුරන් සඟවා ආරක්ෂා කිරීමයි.

මෙම දැරිය අපයෝජනය තරමටම මෙම ව්‍යාජ පුවත ද සමාජයක් ලෙස අපගේ ගැඹුරු අවධානයට ලක්කළ යුතුය. අද ඔබ ඔවුන්ගේ ඉලක්කයක් නොවිය හැක. ඒත් හෙට…?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40