අන්තර්ජාතික වෙළඳාම සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයක්. ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට අපේක්ෂා කරනවා.

අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන “කලාපීය “විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership, RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණයි.

මීට අඩිතාලම සපයන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීමට නිමිතව තිබෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ලබනවා.

අදාළ සියලුම ආයතන මඟින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ඇති.

එසේම, 2023 අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ පරිදි මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට
ඒකාබද්ධ කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් නිම වන තෙක් එහි ප්‍රධාන කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනී‍ම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානගත කර තිබෙනවා.

ඒ අනුව, 2018 මැයි මාසයේදී බලාත්මක වූ නමුත් මෙතෙක් ක්‍රියාත්මක නොවූ “ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම” ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගැනීම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයෙහි පළමු කාර්යය වනු ඇති.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම් ප්‍රකාරව දෙරටේම නම් කරන ලද නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුව 2023 ජනවාරි මාසයේදී රැස්වී ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම අවසන් කිරීමට නියමිතයි.

මෙයට සමාන්තරව එළැඹෙන ජනවාරි මාසය වන විට ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය කටයුතු කරනු ඇති.

මෙම කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රධාන සාකච්ඡාකරු සහ විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ අනුකමිටුවලින් සමන්විත ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) පත් කර තිබෙනවා.

ඊට සමගාමීව, ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ ඇති කර ගැනීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ඉන්දියාව සමඟ 12 වැනි සාකච්ඡා වටය, චීනය සමඟ 7 වැනි සාකච්ඡා වටය සහ තායිලන්තය සමඟ 3 වැනි සාකච්ඡා වටය 2023 වසරේ පළමු මාස දෙක තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡා ඉදිරි වසර තුළදී අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවල තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෑම සාකච්ඡා වටයකටම පෙර සහ පසුව වෙළෙඳ ප්‍රවේශය වැඩි දියුණු කිරීම ඉලක්ක කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් හි අවසාන ප්‍රතිලාභීන් වන අදාළ වාණිජ මණ්ඩල/සංගම් සමඟ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මේ වන විටත් ඊට අදාළව පළමු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2022 නොවැම්බර් 17 දින පවත්වා අවසන්.

තවද මෙම කාර්යාලය හරහා බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ඇරඹීම සඳහා ද ක්‍රියාමාර්ග ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන්, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය දැනට පවතින වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටලු ද විසඳනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34