අනවසරයෙන් ව්‍යාපාරවල නිරත සංචාරකයන් ගැන වහාම පියවර ගන්න – ඇමැති මනුෂගෙන් උපදෙස්

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් නොමැතිව විවිධ ව්‍යාපාරයන්හි නිරත වන සංචාරකයන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

විවිධ රටවල සිට සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් නොමැතිව විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී උපදෙස් ලබාදුන්නේ.

මෙම පිරිස විවිධ භාණ්ඩ අලෙවි කිරීමේ සිට මත්ද්‍රව්‍ය අලෙවිය දක්වා විවිධ ව්‍යාපාරයන්හි නිරත වන බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔවුන් එම රටවල මුදල් ඒකකවලින් ම රැගෙනවිත් ආපසු රැගෙන යන බවත්, එමගින් මෙරට ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ ද ක්‍රියාමාර්ග ගැනීමට නියෝග නොමැති බැවින් පොලීසිය ද නිරුත්තර වන බවයි ඔහු කියාසිටියේ.

මේ නිසා ගාල්ල ඇතුළු දේශීය සංචාරක කලාපවල ව්‍යාපාරයන්හි නිරත වන්නන් දැඩි අපහසුතාවට පත් ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

දැඩි ලෙස අපහසුතාවට පත් ව සිටින 19,000ක පවුල් විවිධ ව්‍යාවසායකත්ව වැඩසටහන් හරහා සවිබල ගන්වන අතරතුර, ව්‍යවසායකත්වයට යොමු නොවන තරුණ පිරිසට නිසි පුහුණුවක් දීමෙන් අනතුරු ව විදේශ රැකියා අමාත්‍යංශය හරහා විදෙස් රැකියාවන්ට යොමු කළ හැකියි. පවුල් 19000ම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් හරහා මේ දේ කළොත් ඔවුන් අපට යම් මට්ටමකට ගොඩ නැගිය හැකියි. හැබැයි පුහුණුවක් නොමැති ව විදෙස් ගත කරන්න බෑ. පුහුණුව සඳහා වන වියදමත් අමාත්‍යංශයට දැරිය හැකියි.

දිස්ත්‍රීක් ලේකම්වරයා මෙම පවුල් 19,000 නිසි ලෙස ඉලක්ක ගත කරලා, සකස් කරලා දෙනවා නම්, ඒ සියලු දෙනාට ම අවශ්‍ය පුහුණුව දීලා විදෙස් රැකියා සඳහා යොමු කළ හැකියි. එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවිය හැකියි. ව්‍යවසායකත්වය නංවන අතරතුර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විදියට ඉතිරි පිරිස රැකියා ගත කළ හැකියි. ඒ සඳහා දිස්ත්‍රීක් ලේකම්වරයාගේ සම්බන්ධීකරණය අපේක්ෂා කරනවා.

සංචාරක ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති තත්ත්වය බැලුවොත් ඇතැම් රටවල සංචාරකයන් මේ රටට ඇවිල්ලා විවිධ ව්‍යාපාර කරනවා. බඩු විකිණිමේ සිට කුඩු විකිණිම දක්වා ම ව්‍යාපාර කරනවා. මේ සියල්ල සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ අය විවිධ පැමිණිලි කළත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කිසිදු ලියාපදිංචියක් හෝ ව්‍යාපාරයක් සඳහා බලපත්‍රයක් රහිත ව ඔවුන් ව්‍යාපාරයන්හි නිරත වෙනවා. සංචාරක වීසා මත මේ අයට ලංකාවේ කිසිදු ව්‍යාපාරයක නිරත වීමට අයිතියක් නෑ. මුදල් හුවමාරුවත් මේ අය ම කරනවා. මේ සම්බන්ධයෙන් අදාළ අංශයන්ගේ අවධානයට යොමු කරවන්න. මේ කරුණුවලට අදාළව ලැබෙන පැමිණිලිවලට ක්‍රියාත්මක වීමේ බලය සහිත නියෝගයක් නිකුත් කළ හැකි නම් වඩා සුදුසුයි.

මේ ගැන පැමිණිලි කළා ම සමහර විට පොලීසියත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරුත්තර වෙනවා. මෙවන් පැමිණිලි සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න සඳහන් නියෝගයක් දිය හැකි නම් පහසුවක්. මොකද මේ ව්‍යාපාර හරහා අපේ රටට කිසිදු ආදායමක් ලැබෙන්නේ නෑ. සමහරවිට දේශීය අයත් සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ ව්‍යාපාර සඳහා ඒ ඒ රටවල මුදල් ම රැගෙන ඇවිත් ඒ මුදලින් ම ආපසු ගෙනයනවා. ඔවුන් මෙහේ කළ හැකි සියලු ව්‍යාපාර කරනවා. පොලීසියට නියෝගයක් දිය හැකි නම් ඉතා වටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34