AFC Banner
Empty Ad
Empty Ad

අනතුර සිදුවී වසර දෙකකට පසු අලාභය ගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින්  රුපියල් ලක්ෂ 53.38 ක මුදලක්  ඉකුත්  (24) දින සභාවට ගෙවා ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ.විජේසිංහ පවසනවා.

අනතුර සිදුවී වසර දෙකකට පසු සිදුවූ අලාභය වෙනුවෙන් මෙම මුදල ගෙවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් අනතුරට ලක්කර තිබෙනවා.

මෙම අධි සුඛෝපභෝගී රථය හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල, පැලවත්ත, ඉසුරුපාය ආසන්නයේදී 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්ව තිබෙනවා.

එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉල්ලීමක් කර තිබුණා.

නමුත් එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවයි ලේකම් ධම්මිකා කේ. විජේසිංහ පවසන්නේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?