අනතුරට පත් පුද්ගලයෙකුට උදව් කරන්න ගිය කාන්තාවක් කැබ් රථයකට යට වී මියයයි

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි ඊයේ (06) රාත්‍රී අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි තිදරු මවක් වන කේ.ආර් අමරාවතී යන අයයි. ඇයගේ දියණියක් වන විසි හතර හැවිරිදි පස් මස් ගැබිණියක් ද බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල කරුවන් අතර සිටි විසි අට හැවිරිදි යතුරු පැදි කරු වන ඩබ්ලිව්. එල්. කසුන් සමිර නැමැත්තා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරුවන කඩවැද්දුව යටියන පදිංචි ආර්.යු. කංකානම්ගේ (28) යන අය මාතර පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් ඇත.

මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරු පැදියක් පෙරළී ඇති අතර මිය ගිය කාන්තාව තම දියනිය සමග නිවසින් එළියට පැමිණ අනතුරට පත් වූ යතුරු පැදි කරුට යතුරු පැදිය ඔසවා ගැනීමට උදවු කරමින් සිටියදී වේගයෙන් පැමිණි කැබිරථය මොවුන් යට කරගෙන ඉදිරියට ඇදිගොස් තවත් තාප්පයක ගැටි නතර වු බව ප්‍රදේශවාසීහු පවසති.

අනතුර සිදුවු ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ මිටර් විසිපහක් පමණ දුරට සුදු පැහැයෙන් යුත් තින්ත විසිරි ඇති අතර ඒ මතින් කැබ් රථය ගමන් කිරිමේදි ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණයවූ බව පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09