අධිවේගී මාර්ගයේ මාරයාට අත වනමින් ගිය තරුණයන් ගැන හෙළි වෙයි

තරුණයන් පිරිසක් විසින් අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව රිය ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුම් කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මෝටර් රථයක කවුළුව මත වාඩි වී අධික වේගයෙන් රිය පදවන මෙම තරුණයන් පිරිස පිළිබඳව මේ වන විට තොරතුරු හෙළිවී තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ මෙම මෝටර් රථයේ මුල් හිමිකරු වන පේරාදේණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් තම මෝටර් රථය අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවයි.

මෙම මෝටර් රථය මිලදී ගත් පුද්ගලයා සහ ඔහුගේ මිතුරුන් පිරිසක් විසින් මෙලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෙන්ම බිහිසුණු ලෙස ගමන් කරන බවද මේ වන විට හෙළිවී තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී එම සිදුවීම සිදුව තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

පෙර පුවත – VIDEO :අධිවේගී මාර්ගයේ ඊයේ අපරික්ෂාකාරි ලෙස රිය පැද වු තරුණයින් පිරිසක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?