අධිවේගී මාර්ගයේ අනතුරකින් තරුණයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන අධිවේගී මාර්ගයේ 57 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරු’ණයෙක්.

පින්නදුව සිට කොට්ටාව දෙසට මෝටර් රථයක් ධාවනය කරගෙන ගිය මෙම තරුණයා එහි පිටුපස රෝදයේ හුළං බැසීම හේතුවෙන් රථය නතර කර සිටියදී එම දිසාවටම ධාවනය වූ තවත් මෝටර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී බරපතල තුවාල ලැබූ ඔහු කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව තිබෙනවා.

මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පිටුපස ටයරයේ හුළං අඩුවීම හේතුවෙන් මාර්ගයේ පසෙකට කර නවතා එහි ටයරය මාරු කරමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ වෙනත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුර සිදු ක ළ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුඳුගහහැතැක්ම අධිවේගී මාර්ග සංචාරක පොලිස් අනු පාලස්ථානය මගිනුයි විමර්ශන මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?