සියලු බස් රථ රියදුරන්ට ආසන පටි පැළැඳීමේ අද (01) දිනයේ සිට අනිවාර්ය කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නේ එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝම්බර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මකයි.
මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථවල මගීන්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවයි.
එමෙන්ම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලේ එක් කොටසක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.





