අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගීන්ටත් සැප්තැම්බරයේ සිට ආසන පටි අනිවාර්යයි (වීඩියෝ)

සියලු බස් රථ රියදුරන්ට ආසන පටි පැළැඳීමේ අද (01) දිනයේ සිට අනිවාර්ය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දුන්නේ එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝම්බර් මස 01 දින සිට වාහන රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීමේ නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථවල මගීන්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවයි.

එමෙන්ම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලේ එක් කොටසක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

  1. Gon Meemo

    Eta kain Kaiya nayaka wennathua highway CTB bus tika check karapiya

    Hati balapan buswala

    10 years walin clean karala na….

    5 years bus Maintenance karala na

    Ballekta godaak highway bus wala yanna baa..

    Sort immediate issues and give passengers better ride then talk

    Meyakath ekai ara drama kinf porage sabapathiyath ekai



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56