AFC Banner
AFC Banner
Empty Ad

අධිවේගයේ දී ඇල්ලූ නිල් වූ කහ ගෑස්

කහ පැහැති ලාෆ් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටිය දී පොලිසිය විසින් එම ගෑස් තොගය සහ ප්‍රවාහනය කළ ලොරි රථය සිය භාරයට ගෙන තිබෙනවා.

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද (20) පෙරවරුවේ සිදුකළ පරික්ෂාවක දී මෙම ගෑස් තොගය සහ ලොරි රථය සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෑගල්ල ප්‍රදේශයේ බෙදාහැරීම් නියෝජිතයෙකුගේ ගබඩාවක සිට මෙම සිලින්ඩර කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත රැගෙන යමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වැඩිදුර සිදුකළ පරීක්ෂා කිරීම්වල දී හෙළිව ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර මෙලෙස ලිට්‍රෝ ගෑස් පර්යන්තය වෙත යවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?