AFC Banner
Empty Ad
Empty Ad

අධික සීතලත් සමඟ කිරි ගවයින් 150කට වැඩි සංඛ්‍යාවක් මහ මඟ මිය ගිහින් (ඡායාරූප)

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වයත් සමඟ එය දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් 165ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් සහ එළුවන් ගව ගාල් තුළ සහ මාර්ගවල මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල සහ ගවමඩුවල විශාල ගිනිමැල ගසා එම සතුන් උණුසුම් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පවතින අධික සීතල තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පැවතිය හොත් මිය යන සතුන් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවයි කිලිනොච්චිය ආපදා කළමණාකරණ කාර්යාලය පවසන්නේ.

ඒ, හේතුවන් ගවයින්, එළුවන් ඇතුළු සතුන් හැකි සෑම අවස්ථාවකම උණුසුම් ස්ථානවල රඳවන ලෙසට ගොවියන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?