අධික වර්ෂාවෙන් උතුරේ 1500 කට ආසන්න පිරිසකට පීඩාවට 

උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 450 කට ආසන්න පුද්ගලයින් 1500 ක් පමණ පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසයි.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි යාපනය නගරයල පොලිකණ්ඩිල කරවෙඩ්ඩිල පේදුරුතුඩුව මරඳන්කේනිල චාවකච්චේරි සහ කයිට්ස් ආදි ප්‍රදේශයන්හි පවුල් 320 කට අයත් පුද්ගලයින් 1ල050 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 08 කටද හානි සිදුව ඇත.

එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයටද අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිව තිබෙන අතර කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක මාර්ගද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

පවතින අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පවුල් 122 කට අයත් පුද්ගලයින් 410 දෙනෙකුද මන්නාරමේ පවුල් 2 කට අයත් පුද්ගලයින් 10 ක් සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 06 කට අයත් පුද්ගලයින් 20 දෙනෙකුද පීඩාවන්ට පත්ව ඇති බවටද ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට ආරක්ෂිත ස්ථානයන්හි සිටින ජනතාවට ආහාර ඇතුලු සහන සැලසීමටද පියවර ගෙන ඇතැයි ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/1cokXBM-O50


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29