spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධික වර්ෂාවෙන් උතුරේ 1500 කට ආසන්න පිරිසකට පීඩාවට 

උතුරු පළාතේ ගෙවී ගිය දින කිහිපය තුලදී බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 450 කට ආසන්න පුද්ගලයින් 1500 ක් පමණ පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසයි.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි යාපනය නගරයල පොලිකණ්ඩිල කරවෙඩ්ඩිල පේදුරුතුඩුව මරඳන්කේනිල චාවකච්චේරි සහ කයිට්ස් ආදි ප්‍රදේශයන්හි පවුල් 320 කට අයත් පුද්ගලයින් 1ල050 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 08 කටද හානි සිදුව ඇත.

එමෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රීක්කයටද අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිව තිබෙන අතර කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක මාර්ගද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

පවතින අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පවුල් 122 කට අයත් පුද්ගලයින් 410 දෙනෙකුද මන්නාරමේ පවුල් 2 කට අයත් පුද්ගලයින් 10 ක් සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 06 කට අයත් පුද්ගලයින් 20 දෙනෙකුද පීඩාවන්ට පත්ව ඇති බවටද ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට ආරක්ෂිත ස්ථානයන්හි සිටින ජනතාවට ආහාර ඇතුලු සහන සැලසීමටද පියවර ගෙන ඇතැයි ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/1cokXBM-O50
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?