AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණ සේප්පුවේ මුදල් අතුරුදහන්

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 22 කට වැඩි මුදලක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේම සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිණීයකව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (27) වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ සේප්පුවේ තැම්පත් කර තිබූ රුපියල් 22,07,000 ක මුදලක් අස්ථාන ගත වී ඇති බව මාරවිල අධිකරණයේ රෙජිස්ටාර්වරිය ලෙස සේවය කරන ශාරිකා මානෙල් වික්‍රමනායක යන අය පසුගිය මාර්තු මස 20 වෙනි දින මාරවිල පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනව බවයි වාර්තා වන්නේ.

මෙම සේප්පුව බාරව අධිකරණයේ සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරීණියක රාජකාරි සදහා යොදවා සිටි බවද රෙජිස්ටාර්වරිය විසින් පොලීසිය හමුවේ සිදු කර ඇති පැමිණිල්ලේ සදහන් වී තිබෙනවා.

එම පැමිණිල්ල අනුව මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය විසින් විමර්ශණයක් ආරම්භ කරන ලද අතර එම විමර්ශණයේදී අධිකරණයේ සේවය කරන කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමටද පොලීසිය කටයුතු කර තිබු බව සදහන්.

සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව අධිකරණයේ සේප්පුව බාරව සිටි ලිපිකරුවෙකු සහ ලිපිකාරීණියකව අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?