අධිකරණ භූමියේ දී පොලිසියට පාට් දැමූ පුද්ගලයා රිමාන්ඩ්

අධිකරණ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ අයෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (02) නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ නිශ්ශබ්දතාවය සඳහා පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ පොලිස් නිලධාරියා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී පුද්ගලයකු අමතා නිශ්ශබ්දවන ලෙසත්, තමා පැමිණි අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසත් පොලිස් නිලධාරියා උපදෙස් ලබාදී තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් එය ප්‍රතික්ෂේප කර පොලිස් නිලධාරියට බැන වදිමින් පහරදීමක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් ට සාපරාධී බලහත්කාරය පෑ පුද්ගලයා 43 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18