spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණ භූමියේ දී පොලිසියට පාට් දැමූ පුද්ගලයා රිමාන්ඩ්

අධිකරණ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ අයෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (02) නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ නිශ්ශබ්දතාවය සඳහා පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ පොලිස් නිලධාරියා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී පුද්ගලයකු අමතා නිශ්ශබ්දවන ලෙසත්, තමා පැමිණි අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසත් පොලිස් නිලධාරියා උපදෙස් ලබාදී තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් එය ප්‍රතික්ෂේප කර පොලිස් නිලධාරියට බැන වදිමින් පහරදීමක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් ට සාපරාධී බලහත්කාරය පෑ පුද්ගලයා 43 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?