AFC Banner
AFC Banner
Empty Ad

අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බදියුදීන්ට එරෙහිව පෙත්සමක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් මේ මස 28 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

මේ බව දන්වා වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නා

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආශ්‍රිතව පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.

2020 වසරේ නොවැම්බර් මස 16 වනදා එහි තීන්දුව දුන් අභියාචනාධිකරණය හෙළි පෙහෙළි කරන ලද වනාන්තර සහිත ප්‍රදේශවල යළි වන වගා කිරීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකාර රිෂාඩ් බතියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නැවත වන වගා කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1067ක මුදලක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනන් බලා එම මුදල ගෙවන ලෙස රිෂාඩ් බදියුදීන්ට දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා අදාළ මුදල ගෙවා නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අධිකරණ නියෝගය පිළිපැදීම පැහැර හැර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස කොට ඇති බවට තීන්දුවක් දැන් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?