අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24) දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.

පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ පරිදි අද (24) දිනයේ දී මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව අමාත්‍යධුරයේ වගකීම නිසිආකාරව ඉටු කිරීමට අපොහොසත් වූ බවට පවසමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.