අධිකරණ ඇමතිගෙන් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක්

අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් දන්වා ඇත්තේ දැනට පවතින නඩුවක රිමාන්ඩ් සිරකරුවෙකුට තමන් පක්ෂග්‍රාහී ලෙස සලකන බවට චෝදනා කරමින් අසත්‍ය ෆේස්බුක් සටහනක් හුවමාරුවන බවයි.

ඒ, සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අදාළ ලිපිය මඟින් දන්වා ඇත්තේ.

අමාත්‍යවරයා යොමුකළ ලිපිය පහතින්..

අධ්‍යක්ෂ,
අපරාධ විමර්ශන කොට්ඨාශය,
ශ්‍රී ලංකා පොලිසිය, යෝර්ක් වීදිය,
කොළඹ 1,

දැනට පවතින නඩුවක රිමාන්ඩ් සිරකරුවෙකුට පක්ෂග්‍රාහී ලෙස සලකන බවට චෝදනා කරමින් අසත්‍ය හා ද්වේෂසහගත ෆේස්බුක් සටහනක් විශේෂ යැයි චෝදනා කරමින් ෆේස්බුක් සටහනක් ඇති බව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයා ලෙස මා විසින්ම රිමාන්ඩ් සිරකරුවෙකුට සැලකීම,ඔහු විසින් අධිකරණය ඇතුළු සමස්ත නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියම හාස්‍යයට හා ගර්හාවට ලක් කරන තත්ත්වයකට ගෙන ආ එම සාවද්‍ය චෝදනාව පළ කළ පුද්ගලයාගේ විස්තර සහ එම පෝස්ටුවෙහි පිටපතක් මෙයින් අමුණමි.

දැනට විභාග වෙමින් පවතින නඩුවක් (උප විනිශ්චය) සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය හරහා එම අසත්‍ය සහ ද්වේෂසහගත පෝස්ටුව ප්‍රචාරය කිරීම සමස්ත නීති පද්ධතියටම දැඩි අගතියක් ඇති කර ඇති අතර එයට පිළියම් යෙදීමට අවශ්‍ය වේ. එය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සහ අපරාධ යුක්ති ක්‍රියාවලියේ අඛණ්ඩතාවයට ද බලපායි. තවද එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් ගැන සඳහන් වන නිසාත්, මෙය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට කැළලක් වන නිසාත්, සමස්ත ජනතාවගේ මනසට අගතියක් ඇති කරනු ලබන බව මා තරයේ විශ්වාස කරමි.

එම නිසා සිදු කර ඇති මෙම වරදේ බරපතල ස්වභාවය සහ එල්ල වී ඇති චෝදනාව සැලකිල්ලට ගනිමින්, ඔබගේ පහසුව අනුව පරීක්ෂණයක් පවත්වා කොටුව අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට – විශ්වාසී,
ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති නීතිඥ
(අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?