අධිකරණය නොමග යැවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාට හිරගෙයි දොර හැරේ

සිය රෝගී තත්ත්වය පිළිබඳ ව අසත්‍ය වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනා මත විශේෂඥ නිර්වින්දන වෛද්‍ය බුද්ධික නුවන් කරුණාරත්න නමැත්තෙකු පෙබරවාරි මස 13 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගගත කිරීමට අද (23) අධිකරණය නියෝග කළා.

අද පෙරවරුවේ විත්තිකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා මෙම නියෝගය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පසුගිය 17 වැනිදා අධිකරණයේ පෙනී නොසිටිමින් තමන් දැඩි අසනීප තත්ත්වයකින් පෙළෙන බවට එදින ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව ගැන රජයේ අධිනීතිඥවරයාට පැන නැගුණු සැකයක් මත ඒ පිළිබඳ ව අධිකරණයට දැනුම්දී තිබුණා.

එහිදී අධිකරණ විනිසුරුවරයාට රජයේ අධිනීතිඥවරයා පෙන්වාදී තිබුණේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරමේ බරපතළ අසනීප තත්ත්වයක් තිබුණේ දැයි යන්නයි.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් විත්තිකරු ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය සලකා බලා එය බරපතළ තත්ත්වයේ හෝ කිසිදු ආකාරයේ රෝගී තත්ත්වයක් නොමැති බවට වාර්තා කර තිබෙනවා.

මෙම ක්‍රියාව හේතුවෙන් සැකකාර වෛද්‍යවරයා අධිකරණය නොමග යැවීමට උත්සාහ ගත් බවට තීන්දු කළ විනිසුරු මංජුල මහතා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

අදාළ සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ තීරුබදු රහිත බලපත්‍ර උපයෝගී කරගනිමින් විදෙස් රටවලින් වාහන ගෙන්වාදෙන බවට පවසමින් වෛද්‍යවරුන් රවටා මුදල් වංචා කර සාපරාධී පරිහරණය හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?