අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පොලිස් නිලධාරියෙකුට හා විශ්‍රාමික මේජර්වරයෙකුට සිතාසි

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගල‍යෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නියෝගයක් කර තම අධිකරණය විසින් වින්දිතයාට ගෙවන ලෙසට නියම කළ රුපියල් ලක්ෂ 05 බැගින් වූ වන්දි මුදල් නොගෙවීමෙන් අධිකරණයට කළ අපහාසයට හේතු දක්වන ලෙස දන්වා මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුට හා විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයෙකුට සිතාසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 දෙසැම්බර් 14 වැනිදා කළ නියෝගය අනුව ලබා දුන් මාස හයක කාලය සම්පූර්ණ වී ඇත්තේ ජුනි 15 වැනි දා බවත් එම නඩුවේ පළමු වන වග උත්තරකාර බණ්ඩාර නමැති පොලිස් කොස්තාපල්වරයා හා අජිත් වගසුන්දර්ට යන අය මේ දක්වා වන්දි මුදල් ගෙවා නොමැති බවත් එලෙස අධිකරණ නියෝග පැහැර හැරීම මගින් ඔවුන් දෙදෙනා අධිකරණයට අපහාසයක් කර ඇති බවත් පෙන්වාදෙමින් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාජ් කොරයා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළා.

පෙත්සම් පත්‍රයක් ගොනු කරමින් කැඳවා තිබූ එම පෙත්සම එස්. තුරෙයිජාරා, ඒ. එච්. එම්. නවාස් සහ අචල වෙංග්ගප්පුලි යන වග උත්තරකරුවන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ දීයි කැඳවුණු ලැබුවේ.

එම වග උත්තරකරුවන් දෙදෙනාට ලබන මස 11 වැනිදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිට අධිකරණය කළ නියෝග නොතකා කටයුතු කිරීමෙන් දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වන ලෙසට ද විනිසුරු මඬුල්ල විසින් නියෝග කළා.

සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසියට ගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම, මිරිස් කුඩු මිශ්‍ර වතුරෙන් නහවා අමානුෂික ලෙස පහරදීම ඇතුළු ක්‍රියා මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නියෝගයක් නිකුත් කර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට හා හතරවන වග උත්තරකාර විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර්වරයාට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 05 බැගින් වූ වන්දි ගෙවන ලෙසට නියම කර තිබුණා.

එයට අමතරව රුපියල් ලක්ෂයක මුදලක් රජය විසින් රංජිත් සුමංගල නමැති වින්දිතයාට ගෙවිය යුතු බවට ද එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල නියෝග කර තිබුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා පොලිස්ප් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා මාස හයක කාලය තුළ දී එකී වන්දි ගෙවා ඇති බව ද නීතිඥ අරුණ ජයතිලක මහතාගේ උපදෙස් මත නීතිඥ තිළිණ විදානගමගේ හා නීතිඥ සරිමා ද ෆොන්සේකා මහත්මිය පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාජ් කොරයා මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34