අධ්‍යාපන අතිරේක ලේකම්ගේ අත්සන සහ නිල මුද්‍රාව හොරට යොදා නුවර ප්‍රසිද්ධ පාසලකට සිසුවියන් ඇතුළත් කරලා

තම නම හා තනතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් සහ ව්‍යාජ අත්සනක් යොදා 2018-2020 අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකා පාසලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්‍රේමතිලක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංතිවලට සිසුවියන් ඇතුළත් කිරීම සඳහා තම නම හා තනතුර අවභාවිත කරමින් කූඨ ලේඛණ සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඔහු පසුගිය 21 වනදා මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්.

මෙම සිසුවියන් පාසලේ 02,03,04,07,08 හා 09 යන ශ්‍රේණිවලට ඇතුළත් කර තිබෙන බව විගණන අංශ මඟින් කළ විමර්ශනයේ දී හෙළිව තිබෙනවා.

අදාළ ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබීම හේතුවෙන් කූඨ ලේඛණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළ දැනුම් දීමකට අනුව විදුහල්පතිනිය ද මීට පෙර මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

චක්‍ර ලේඛණවලට පටහැනිව හා කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට ළමුන් ඇතුළත් කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පංච පුද්ගල කමිටුවක් ද පත්කර තිබෙනවා.

විමර්ශන නිලධාරීන් තිදෙනෙකුගෙන් හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශ නිලධාරීන් දෙදෙනෙකු ගෙන් එම කමිටුවට සමන්විතයි.

මෙම විමර්ශනය ආරම්භ වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණිවලට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ළමුන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව විගණන පරීක්ෂණයක දී අනාවරණය වීමත් සමඟයි.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේ දී විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට තවත් ළමුන් 180 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් මුල් වරට අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත
යොමු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදන ලද ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබෙන බැවින් ඒ සම්බන්ධ පැමිණිල්ල ඇය විසින් පොලීසියට කළ යුතු බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිනියට දැනුම්
දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව විදුහල්පතිනිය මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ඇතුළත් කර තිබෙන සිසුවියන්ගේ නම් ලැයිස්තුවක් පදනම් කර ගනිමින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මීට අමතරව මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.විජේරත්නගේ අත්සන හා ලිපි ශීර්ෂ, මුද්‍රා ව්‍යාජව සකසා මෙම විදුහලට දරුවන් රැගෙන ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළි වූ අතර, වත්මන් විදුහල්පතිනිය එම ධුරයේම සිටියදී මෙම අක්‍රමිකතා පිළිබඳව විමර්ශන සිදුකිරීමේ දී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ද එම විගණන වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?