අධ්‍යාපන අතිරේක ලේකම්ගේ අත්සන සහ නිල මුද්‍රාව හොරට යොදා නුවර ප්‍රසිද්ධ පාසලකට සිසුවියන් ඇතුළත් කරලා

තම නම හා තනතුර අවභාවිත කරමින් ව්‍යාජ නිල මුද්‍රාවක් සහ ව්‍යාජ අත්සනක් යොදා 2018-2020 අතර කාලයේ දී ශාන්ත අන්තෝනි බාලිකා පාසලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත උදයකුමාර ප්‍රේමතිලක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංතිවලට සිසුවියන් ඇතුළත් කිරීම සඳහා තම නම හා තනතුර අවභාවිත කරමින් කූඨ ලේඛණ සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඔහු පසුගිය 21 වනදා මෙම පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්.

මෙම සිසුවියන් පාසලේ 02,03,04,07,08 හා 09 යන ශ්‍රේණිවලට ඇතුළත් කර තිබෙන බව විගණන අංශ මඟින් කළ විමර්ශනයේ දී හෙළිව තිබෙනවා.

අදාළ ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබීම හේතුවෙන් කූඨ ලේඛණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළ දැනුම් දීමකට අනුව විදුහල්පතිනිය ද මීට පෙර මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

චක්‍ර ලේඛණවලට පටහැනිව හා කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට ළමුන් ඇතුළත් කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පංච පුද්ගල කමිටුවක් ද පත්කර තිබෙනවා.

විමර්ශන නිලධාරීන් තිදෙනෙකුගෙන් හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශ නිලධාරීන් දෙදෙනෙකු ගෙන් එම කමිටුවට සමන්විතයි.

මෙම විමර්ශනය ආරම්භ වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණිවලට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ළමුන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව විගණන පරීක්ෂණයක දී අනාවරණය වීමත් සමඟයි.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේ දී විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට තවත් ළමුන් 180 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් මුල් වරට අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත
යොමු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදන ලද ලිපි ඍජුවම විදුහල්පතිනිය වෙත යොමුකර තිබෙන බැවින් ඒ සම්බන්ධ පැමිණිල්ල ඇය විසින් පොලීසියට කළ යුතු බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිනියට දැනුම්
දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව විදුහල්පතිනිය මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ඇතුළත් කර තිබෙන සිසුවියන්ගේ නම් ලැයිස්තුවක් පදනම් කර ගනිමින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මීට අමතරව මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.විජේරත්නගේ අත්සන හා ලිපි ශීර්ෂ, මුද්‍රා ව්‍යාජව සකසා මෙම විදුහලට දරුවන් රැගෙන ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළි වූ අතර, වත්මන් විදුහල්පතිනිය එම ධුරයේම සිටියදී මෙම අක්‍රමිකතා පිළිබඳව විමර්ශන සිදුකිරීමේ දී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ද එම විගණන වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07