අද සිට විදුලි ගාස්තු ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරෙනවා.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමට නියමිතයි.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකර නැහැ.

එමෙන්ම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500 දක්වායි.

ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබෙනවා.

ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරෙනවා.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වාත් වැඩි කිරීමට නියමිතයි.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබෙනවා.

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණයි.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කර තිබෙනවා.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කිරීමට නියමිතයි.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියාසිටියේ විදුලි ගාස්තු 36% කින් ඉහළ දැමීමට තමන් ඉදිරිපත් කළ යෝජනාව සිය කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බවයි.

එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 66%ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142ක සාධාරණ මට්ටමකට පහත දමා එම කොමිසමේ සභාපතිවරයා යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

එහෙත් සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට විරෝධය පළ කළ බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

එහෙත් එම සාමාජිකයින් අද සිට ක්‍රියාත්මක කිරීමට අනුමත කළ ගාස්තු ක්‍රමය නීති විරෝධී, මහජනතාව දැඩි පීඩනයකට පත්කරන මෙන්ම සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් කරන විදුලි ගාස්තු ඉහළ දැමීමක් වනවා.

අධික විදුලි ගාස්තු යෝජනාව අනුමත කළ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ සහ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.

මේ අතර විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර පැවැති සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් වී තිබුණා.

ජාතික සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව 2ට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව පසුගියදා දැනුම්දී තිබුණා.

ඒ අනුව පසුගිය 13 වනදා දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දුන්නා.

එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි. එවන් පසුබිමක් තුළයි එහි සාමාජිකයින් තිදෙනා, සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධවී ඇත්තේ.

මීට පෙර ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය අද දිනට පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණා.

ඒ අනුව අද දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ.

Electricity BIll1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51