AFC Banner
Empty Ad
Empty Ad

අද සිට බැංකු සම්පූර්ණයෙන් වසා දමයි

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද (07) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී සිටිනවා.

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට සහ අනිද්දා දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බවයි හැටන් නැෂනල් බැංකුව ප්‍රකාශ කළේ.

මේ අතර මෙම බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?