ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) දිනයේ දී සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා.
අද සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.
2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේ. පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර, අද සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා. මෙහිදි පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නෑ.




