අද සිට ජල ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි

අද (01) සිට ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය අගෝස්තු 25 වන දින ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 12.00ක්ව පැවැති ඒකකයක් සඳහා වන ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත් ඉහළ නංවා තිබෙනවා.එමෙන්ම ඒකක බිංදුවත් 25ත් අතර මාසික සේවා ගාස්තුව රුපියල් 300.00 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් සඳහා රුපියල් 140ක්ව පැවැති පරිහරණ ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩ යටතේ රුපියල් 1,600ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 3,500ක් දක්වා ඉහළ නංවා තිබේ.

ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට, පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වා තිබෙනවා.

මේ පිළිබද අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා,

“පාරිභෝගිකයා ට සහනයක් ලබාදීම සඳහා අගෝස්තු මාසයේ පරිභෝජනය තියෙනවා නම්, බිල හැදෙන්නේ සැප්තැම්බර් 1 සිට අලුත් ජල ගාස්තු අය ක්‍රමය යටතේ, නමුත් ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ අපි ඒ පරණ ජල ගාස්තුවට ගණනය කරලා පරණ පරිභෝජනය සඳහා බිල්පතේ ඇත්තටම අඩුකිරීමක් ලබාදීමට තීරණය කරලා තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ජල ගාස්තු සංශෝධනය එක්ක ආගමික ස්ථාන හා පාස්ල සඳහා ජල ගාස්තු සංශෝධනය කිසිසේත්ම වෙනසක් කරලා නෑ. සමෘද්ධිලාභීන් හා වතු ජනතාවගේ ජල ගාස්තුවල පරිහරණ ගාස්තුවේ වෙනසක් නෑ. සේවා ගාස්තු විතරක් රු 50කින් වැඩිවෙනවා. ගෘහස්ත නොවන පාරිභෝගිකයින් සඳහා 40% – 50%ත් අතර ජල ගාස්තු වැඩිකරලා තියෙන්නේ. සමෘද්ධිලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරලා සමෘද්ධි කාඩ්පතත් සමග තමන්ගේ පාරිභෝගික ප්‍රභේදය සමෘද්ධි බවට පත්කර ගන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26